බිත්තර කෑ දරුවන්ට බඩේ අමාරුවක්


(ජේ.ඒ.එල්.ජයසිංහ)

බිත්තර ආහාරයට ගැනීම නිසා මහනුවර ප්‍රදේශයේ ළමා නිවාසයක කුඩා දරුවන් කීප දෙනකු සහ තවත් දරුවන් කීප දෙනකු අසාත්මික තාවයකට ලක්ව මහනුවර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

බිත්තර තම්බා කෑමට දුන් පසු  දරුවන් කීප දෙනකුට දැඩි බඩේ අමාරුවක් ඇති වූ බව ළමා නිවාසයේ නිලධාරිනියක පැවැසුවාය.