(මනෝප‍්‍රිය ගුණසේකර)
2015 ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බණ්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 27 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (31) තීරණය කළේය.
2014 ඔක්තොම්බර් 31 වැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප‍්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78 ක් වටිනා ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් 36,509,127.78 ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

