
( ටී.කේ.ජී.කපිල )
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය දෙදින නිල සංචාරය නිමා කර අද (18 ) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
මෙම සංචාරය අතරතුර දී ඉන්දීය රජය වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් අනුමත කරවා ගැනීමට කටයුතු කර තිබුණි .
මෙම සංචාරය සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ අමාත්‍යවරයාගේ බිරිඳ ද එක් වී සිටියහ .
මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස ඉකුත් 15 දින පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .



