(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රාජ්‍ය බැංකු වලට ලංසු ඉදිරිපත් නොකරන ලෙස දැනුම් දී එම බැංකු වලට රුපියල් කෝටි 20 ක පාඩුවක් සිදු කළැයි හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහි නඩුවේ මහ බැංකුව බාරයේ ඇති ලේඛණ සාධාරණ නඩු විභාගයක් සඳහා විත්ති පාර්ශවයට ලබාදෙන්නැයි කළ ඉල්ලීම බහුතර තීන්දුවෙන් අද ප‍්‍රතිෙක්‍ෂප විය.
ලබන දෙසැම්බර් 06 වැනිදා සිට දින 10ක් පුරා නඩුව විභාග කිරීමට දින නියම කළ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මහ බැංකුවේ හිටපු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්සාමි, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. ආටිගල මහත්වරුන් ඇතුළු පැමිණිල්ලේ සාක්කිකරුවන් 05දෙකුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි ද නිකුත් කළේය.
සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධියට අදාළ නඩුව විමසීම සඳහා පත් කළ අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එලෙස නියම කළේය.

