බැග්ඩෑඩයේ ඇමෙරිකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක්


ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයට නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාරයක් සහ රොකට් ප්‍රහාරයක් එල්ල විය. 

ඉරාක රජය පැවැසුවේ, මෑත කාලයේ එරටට එල්ල වුණු දරුණුතම පහාරය ලෙස මෙම ප්‍රහාරය සැලකිය හැකි බවය. කෙසේ නමුත් ප්‍රහාරය එල්ල වීමට පැය 6 කට පෙර, ඉරාකයේ ඇමෙරිකා තානාපති කාර්යාලය, ඉරාකයේ සිටින ඇමෙරිකානුවන්ට අනතුරු ඇගවීම් කළේ වහා ආරක්ෂිත ස්ථානවලට යන ලෙසටය.

ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ඉරාකයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී, ඉරාන රජයේ අනුග්‍රහය ලබන සටන්කාමීන් යැයි ඇමෙරිකාව පවසයි.

ඉරාකයේ ඇමෙරිකන් ඉලක්කවලට දිගින් දිගටම පහර දෙන බව මෙම සටන්කාමීන් ප්‍රතිඥා දී ඇත.