
(ක.ග.කරුණාරත්න සහ චාපා මධුභාෂිණි)
මින්නේරිය වැව ඉදිරිපිට සුපිරිවෙළෙඳහලක් තුළ පිහිටි රාජ්‍ය බැංකුවක ස්වයංක්‍රීය ටේරලර් යන්ත්‍රයේ සේප්පුව කපා මුදල් සොරාගෙන ගොස් ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
සොරකම් කරඇති මුදල කොපමණද යන්න නිශ්චිත වශයෙන් මෙතෙක් අනාවරණයවී නොමැති අතර එය රුපියල් කෝටියක් පමණ විය හැකි බව එම බැංකුවේ නිලධාරියෙක් පැවැසීය.
ක්‍රීම් පැහැති කුඩා ලොරියකින් ඊයේ පෙරවරු 10.00 පමණ ආ පුද්ගලයකු බැංකු නිලධාරියකු බව පවසා නව යන්ත්‍රයක් සවිකරන මුවාවෙන් යන්ත්‍රය රත්කර එහි මුදල් තැන්පත් කර තිබූ සේප්පුව යාන්ත්‍රිකව කපා දමා මහ දවල් මේ සොරකම සිදුකර ඇති බව පොලීසිය මෙතෙක් කළ විමර්ශන වලදී හෙළිව තිබේ.
ට්‍රේලර් යන්ත්‍රය ක්‍රියා විරහිත වි තිබීම නිසා බැංකු කළමනාකරු සහ නිලධාරීන් පිරිසක් එය පරීක්ෂා කිරීමේදී මෙම සොරකම අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කර ඇත.
ටේරලර් යන්ත්‍රය නිරීක්‍ෂණය කිරීම සඳහා සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතියද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
ඒ අනුව මේ සොරකම සිදුකල පුද්ගලයන් කොතෙක් සූක්‍ෂමව එය සිදුකර ඇත්ද යන්න පෙනීයන බවත් සැකකරුවන් කිසිවකුත් මේ වනවිට අත් අඩංගවට ගෙන නොමැති බවත්ඒ නිලධාරීහු කීහ.



