(පුෂ්පකුමාර ජයරත්න)
සේවකයින් විශාල වශයෙන් කොරෝනා ආසාදිතයින් බවට පත්වීම හේතුවෙන් මෙරට බැංකු සේවා පද්ධතියම අකර්මණ්‍ය වීමේ බරපතළ අවදානමක පවතින බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.
මේවනවිට බැංකු සේවකයින් සමඟ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද විශාල වශයෙන් කොරෝනා වසංගතයට ගොදුරුව සිටීමත් තවත් පිරිසක් නිරෝධායනයට ලක්ව සිටීමත් හේතුවෙන් දිවයින පුරා පිහිටි බැංකු ශාඛා රැසක් මේවනවිට වසා දැමීමට සිදුව තිබෙන බව ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් රන්ජන් සේනානායක මහතා පැවසීය.
එබැවින් බැංකු ගනුදෙනු සීමා කර අත්‍යාවශ්‍ය බැංකු සේවාවන් පමණක් ක්‍රියාත්මක කර බැංකු සේවකයින් සහ බැංකු පද්ධතිය රැක දෙන ලෙසත්, ජනතාව හා නිරන්තරයෙන්ම ගැටෙන බැංකු සේවකයින් හට කොරෝනා මර්ධන එන්නත ලබා දීමට ප්‍රමුඛත්වය ලබාදී බැංකු පද්ධතිය අකර්මණ්‍ය නොවී රැක ගැනීමට පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව රන්ජන් සේනානායක මහතා ප්‍රකාශ කළේය.

