(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දහසය හැවිරිදි බාලවයස්කාර දැරියක වසර තුනත් තිස්සේ අපයෝජනය කළ රෝද පුටුවක සිටින ආබාධිත පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.
දැරිය වැටුණු බව පවසා නාගොඩ රෝහලට ඇතුළත් කළ පසුව, ඇය දැඩි මානසික ආබාධියකට ලක්වී ඇති බව පවසමින් රෝහලින් මොරොන්තුඩුව පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ මොරොන්තුඩුව පදිංචි 31 සහ 45 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.
සිද්ධිය සම්බන්ධයෙන් මොරොන්තුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

