
(නිමල කොඩිතුවක්කු)
පාරිභෝගිකයන්ට අලෙවි කරන පිරිකර භාණ්ඩ සම්බන්ධයෙන් නිසි තොරතුරු සඳහන් නොකර ඇසුරුම් කරන ලද තායි සිවුරු අලෙවි කළ මරදානේ වෙළෙඳ ආයතනයකට රු. 100,000/-ක දඩ මුදලක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික නීති උල්ලංගනය කරමින් ඇසුරුම් කරන ලද තායි සිවුරු 06ක් අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්, කොළඹ 10, මරදාන, පිහිටි ආයතනයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් නඩු පැවැරීය
අටපිරිකර සහ සිවුරු සම්බන්ධයෙන් අඩු ගුණාත්මකභාවයෙන් යුත්, භාවිතයට අපහසු හෝ භාවිතයට නුසුදුසු භාණ්ඩ පිළිබඳ භික්ෂූන් වහන්සේලාගෙන්ද පැමිණිලි ලැබී ඇති බවත් ඇතැම් අටපිරිකර ඇසුරුම් තුළ පිරිකරට අදාළ නොවන හෝ ප්‍රායෝගිකව භාවිතයට නොගත හැකි භාණ්ඩ ඇතුළත් කර ඇති අවස්ථා වාර්ථා වන බවත් ඔහු සඳහන් කළේය.

