(තිළිණි ද සිල්වා)
බ්‍රිතාන්‍ය වැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපල බලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතු යැයි එරට විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය සිය වැසියන්ට සංචාරක උපදේශනයක් නිකුත් කරමින් කියා සිටී.
මේවනවිට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු සිටින බව සෞඛ්‍ය පරීක්ෂණ වලින් තහුවරු වීමත් සමග බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය ශ්‍රී ලංකාව සදහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් මේ බන සදහන් කර ඇත.
බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය පසුගිය 28 වැනිදා නිකුත් කළ එම සංචාරක උපදේශනයේ මෙසේද සදහන් වේ.
චීනයේ ව්‍යාපත්වූ කොරෝනා වෛරසය අසාධනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ සිටින බවට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ වලින් තහවුරු කරනු ලැබ ඇතග වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය විවිධ පියවර ගනිමින් සිටින අතර කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරු අවශ්‍ය ඕනෑම අයෙකු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පැය 24 පුරා ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපල සහ ගුවන් සේවා සේවය නිවේදනය කර ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි ගුවන් තොටුපල පරිශ්‍රයට මගීන්ට පමණක් අවසර දෙන බවයිග සමහර ගුවන් ගමන් සඳහා පූර්වාරක්ෂාව ද හඳුන්වා දී ඇතග ශ්‍රී ලංකාවට සහ එහි ප්‍රදේශයන්හි සංචාරය කරන්නේ නම් සියලුම බ්‍රිතාන්‍ය පුරවැසියන් ගුවන් තොටුපළ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතු වේ.

