(දසුන් රාජපක්ෂ)
අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ස්ටන් මහත්මිය අතර විශේෂ හමුවක් අද (27) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
වත්මන් ආණ්ඩුව විසින් නීති ක්ෂේත්‍රයේ ඉටු කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ සහ බන්ධනාගාර අංශයේ ප්‍රතිසංස්කරණයන් පිළිබඳව අමාත්‍යවරයා විසින් මහ කොමසාරිස්වරිය දැනුවත් කරනු ලැබ තිබේ.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නීති කෙටුම්පත් සම්පාදනය යන අංශයන් සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් විශේෂඥ දැනුම ලබාදීමට සුදානම් බවත් සිදු කර ගෙන යනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බවත් මහ කොමසාරිස්වරිය එහිදී ප්‍රකාශ කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ මෙරට සෑම ජන වර්ගයකටම නීතියේ හා යුක්තියේ සාධාරණත්වය එකසේ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙල බවත් ඡන්දය ලබා දුන් නොදුන් සියලු දෙනාටම එකසේ සේවය කිරීමට මෙම රජය කටයුතු කරන බවත් නීතියේ ආධිපත්‍යය සුරකීම සඳහා රජය කටයුතු කරන බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

