බහින්බස් වීම ඝාතනයෙන් කෙළවරවෙයි


(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන නගරයේ පෞද්ගලික වාහන අලුත්වැඩියා කරන  ආයතනයක් අසලදී අද  ( 02)  තියුණු ආයුධයකින්   පුද්ගලයකු පහරදී ඝාතනය කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .

මෙලෙස මියගොස් ඇත්තේ කලවාන ගොණගලකන්ද ප්‍රදේශයේ පදිංචි රාජිත ජයසූරිය නැමැති (54) හැවැරිදි  විවාහක දෙදරු පියෙකු  බව කලවාන පොලිසිය පැවසීය .

සැකකරු සමග ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව තියුණු ආයුධයකින් පහර දී ඔහු එම ස්ථානයේ ඝාතනය කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .

මෙම ඝාතනය සම්බන්ධයෙන්  සැකපිට පුද්ගලයකු කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .