බහලුම් නිෂ්කාශනයේ දැඩි තදබදයක්


(යොහාන් භාසුර)

නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කරන ආනයනික බහලුම් සංඛ්‍යාව මේ දිනවල සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් රේගුව තුළ බහලුම් නිෂ්කාශනය සම්බන්ධයෙන් තදබදයක් නිර්මාණය වී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

සාමාන්‍ය දිනකදී නිෂ්කාශනය සඳහා ආනයනික බහලුම් 1000 ත් 1200 ත් අතර ප්‍රමාණයක් ඉදිරිපත් වන බවත් එම ප්‍රමාණය ඉක්මවා යමින් පෙරේදා (28) පහළුම් 1774 ක් සහ ඊයේ (29) බහලූම් 1600 කට වැඩි සංඛ්‍යාවක් නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කර තිබූ බවත් සීවලී අරුක්ගොඩ මහතා කීය.

රේගු නිලධාරීන් බහලුන් අංගන තුනේම නිවාඩු නොලබා සේවය කරමින් මේ වන විට එම තදබදය අවම කරගැනීමට කටයුතු කරමින් සිටින බව කී අරුක්ගොඩ මහතා මෙම සති අන්තය අවසන් වන විට තදබදය සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වන බවද කීය.