(යොහාන් භාසුර)
නිෂ්කාශනය නොකළ බහාලුම් 2,458 ක් කොළඹ වරාය තුළ ඇති බවත් නැවතත් බහලුම් තදබදය නිර්මාණය වෙමින් පවතින බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
බහලුම් නිෂ්කාශන කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමට කෙලවරපිටියේ භූමි ප්‍රදේශයක් ප රේගුවට දෙන බව පැවසුවද එයත් තාවකාලික ලැබෙන බවද අරුක්ගොඩ මහතා කීය.
සහල් ආනයනය සඳහා අවසර දී තිබු කාලය් පසුගිය 10 වැනිදා අවසන් වීමෙන් පසු කොළඹ වරායට සහල් රැගත් නෞකා දෙකක් ලඟා වූ බවත් එම නෞකා දෙකේ තිබූ සහල් මෙට්‍රික්ටොන් 8000 ක් කොකබ් වරායේ රේගු බාරයේ ඇති බවත් ඒ මහතා කීය.