බස්නාහිර පාසල් විභාගත් කල්යයි


(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත විෂයන් මේ මස 21 සහ 22 දින දක්වා කල්දැමීමට තීරණය කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සියලුම කළාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට දැනුම්දී තිබේ.

ඒ අනුව 9 වැනි ශ්‍රේණිවල ගණිතය, සිංහල සහ දෙමළ යන විෂයන් 21 වැනිදා ද, 10 සහ 11 ශ්‍රේණිවල දෙවැනි කාණ්ඩයේ විෂයන් මාර්තු මස 22 වැනිදා ද, පැවැත්වෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් දැනුම් දී තිබේ.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති එකතුව හෙට (15) ක්‍රියාත්මක කිරීමට නියමිත එක්දින වැඩවර්ජනයට ගුරුවරු සහ විදුහල්පති සම්බන්ධ වීම නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.