බස්නාහිර පළාත් සභාව කොළඹ මහ නගර සභාවට කෝටි 300 ක් ණයයි


(ජයන්ත සමරකෝන්)

කොළඹ මහ නගර සභාවට බස්නාහිර පළාත් සභාවෙන් මුද්දර ගාස්තු හා දඩ මුදල් වශයෙන් රුපියල් මිලියන 3000ක මුදලක් ලැබිය යුතුව ඇතැයි නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා පවසයි.


ඉකුත්දා  හිඟ මුද්දර ගාස්තු වශයෙන් රුපියල් මිලියන 500ක් ලැබුණු බවද ඒ මහතා කියයි.


හිඟ වරිපනම් ගාස්තු හා කඩකුලී වශයෙන් තවත් රුපියල් මිලියන ගණනක් ලැබිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.