(රංජන් කස්තුරි)
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා මේ මස 30 දක්වා සහන කාලයක් ලබාදී ඇතැයි බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය කියයි.
එම සහන කාලය තුළ කල්ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා කිසිදු දඩමුදලක් අය නොකරන බවද බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

