(අංජුල මහික වීරරත්න)
ඩෙංගු රෝගය පිළිබඳ මෙම සතිය තිස්සේ කළ සමාලෝචනයකින් දිවයින පුරා ඩෙංගු රෝගීන් 1896ක් වාර්තා වී අතර සමස්ත රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බව ජනාධිපති කාර්යාලය පවසයි.
එය ආසන්න ප්‍රතිශතයක් ලෙස 49% ඉක්මවා ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි .
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 21%ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 18%ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 7%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.
ඒ අතරින් කොළඹ මහ නගර සභා ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3.4%ක් වාර්තා වී තිබේ.
මීට අමතරව ත්‍රිකුණාමලය, මඩකලපුව, මහනුවර, ගාල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවලින්ද සැළකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පසුගිය සතියට වඩා රෝගීන්ගේ යම් වැඩි වීමක් වාර්තා වෙයි. ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගෙන් කළ විමසීම අනුව ලබා දුන් තොරතුරු පහත පරිදි වේ.
මේ වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 6678 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 7166 ක්ද, කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්1902ක්ද වශයෙන් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,746කි.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 209 ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 155ද වශයෙන් උතුරු මැද පළාතෙන් මේ වසරේ ඩෙංගු රෝගීන් 364ක් වාර්තා වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1481 ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගයෙන් 503 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 57ක් වශයෙන් මධ්‍යම පළාත තුළින් මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2401 කි. සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 2කි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 445ක් සහ මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 111ක් ද වශයෙන් ඌව පළාතෙන් ඩෙංගු රෝගීන් 556ක් වාර්තා වී තිබෙන අතර එක් මරණයක් වාර්තා වී තිබේ. 2023 වසරේ සබරගමුව පළාතෙන් ඩෙංගු රෝගීන් 1878ක් වාර්තා වී ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 708 ක් සහ එක් මරණයක් වාර්තා වී තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1170 වාර්තා වී ඇති අතර මරණ වාර්තා වී නොමැත.
වයඹ පළාත තුළ මේ වසරේ ඩෙංගු රෝගීන් 3 ,458ක් වාර්තා වී ඇති අතර ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1069 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2389ක් වශයෙනි. වයඹ පලාත තුල වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 3 කි.
දකුණු පළාත තුළ මේ වසරේදී ඩෙංගු රෝගීන් 1966ක් වාර්තා වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 918ක්ද, මාතර ඩෙංගු රෝගීන් 536ක්ද, හම්බන්තොට ඩෙංගු රෝගීන් 512ක්ද වාර්තා වී ඇත.
දකුණු පළාත තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 108ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 106ක් ද, අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 55ක්ද වශයෙන් නැගෙනහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 269ක් වාර්තා තිබේ. නැගෙනහිර පළාත තුළ ඩෙංගු මරණ 03ක් මේ වන විට වාර්තා වී ඇත.
උතුරු පළාතේ ඩෙංගු රෝගීන් 1326ක් වාර්තා වී ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1121ක්ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 51ක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 27 ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 33ක්ද, වවුනියාව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 94ක්ද වාර්තා වී ඇත. උතුරු පළාත තුළ ඩෙංගු මරණ 02ක් මේ වන විට වාර්තා වී තිබේ.
මේ වන විට ඩෙංගු වෛරසයේ 2 සහ 3 ප්‍රබේද වැඩි වශයෙන් වාර්තා වන අතර ඩෙංගු වෛරසයේ 3 ප්‍රබේදය පැතිරෙන්නේ වසර 14 කට පසුවය. ඒ සඳහා ප්‍රතිශක්තිය අවම බැවින් ඩෙංගු රෝගය පැතිරීමට ඇති අවස්ථා ද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
රෝග නිවාරණය වෙනුවෙන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ ඒ යටතේ ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පළාත් ප්‍රධාන ලේකම්වරු ජනාධිපති කාර්යාලය ට පවසා තිබේ.
ඒ අනුව මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කර පිරිසිදු කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු අනෙකුත් ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම, නාගරිකව හා ග්‍රාමීයව සියලු නිවාස සහ වෙළෙඳ සැල් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් දැනුවත් කිරීම්, ඩෙංගු රෝගීන් හඳුනා ගන්නා ප්‍රදේශ වෙත ගොස් අවට ස්ථානවල ඩෙංගු රෝග වාහක මදුරුවන් විනාශ කිරීම, දුමාරණය,ස්ථානීය පරීක්ෂාවන් සිදු කර මදුරු කීටයන් හඳුනා ගැනීම, නිවාස හා ආයතන පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගෙන යාමට අපොහොසත් වන්නන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආදිය මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද පළාත් ප්‍රධාන ලේකම්වරු පෙන්වා දුන්හ.

