බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ අවදානම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය,පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍යංශය පවසයි.
ඩෙංගු මැඩලීම වෙනුවෙන් සිදුකළ සමීක්ෂණ වැඩසටහනකින් මේ බව අනාවරණය වු බව අමාත්‍යංශය පවසයි.
බස්නාහිර පලාතේ ස්ථාන 57,657 ක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර එයින් 12,471 ක් ඩෙංගු මදුරුවන් බෝවීමේ අධි අවදානමක් සහිත ස්ථාන 12,471 ක් හඳුනාගෙන තිබේ.
කොළඹ ,ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්කයන්හි ඩෙංගු බෝවීමේ අවදානම 20%ක්ට වඩා වැඩි බව හඳුනාගෙන තිබේ.
එමෙන්ම කොළඹ,ගම්පහ,කලුතර යන දිස්ත්‍රික්කයන්හි ආගමික ස්ථාන ,පාසල්, ඉදිකිරීමේ ස්ථාන ඩෙංගු බෝවීමේ අවදානම වැඩි වශයෙන් තිබු ස්ථාන බව සමීක්ෂණයේදී අනාවරණය වු බව අමාත්‍යංශය පවසයි.
(36698)