බස් රේස් ගිහින් 6ක් රෝහලේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 මගීන් නංවා  ගැනීම සඳහා තරඟයට ධාවනය යෙදුණු පෞද්ගලික බස් රථ දෙකක් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි.

.එම අනතුරත් සමගම ප්‍රකෝප වූ මගින් සහ ප්‍රදේශවාසීන් අනතුර සිදුකළ බස් රථ රියදුරුට පහර දී ඇති අතර පොලිසිය මැදිහත් වී රියදුරු දැඩි පරිශ්‍රමයකින් බේරා ගෙන අත් අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත.

සිදු වූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලැබූ අතර ඔහුන් 1990  සුවසැරිය ගිලන් රථයෙන් හොරණ  මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.