බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිසුන් 30ක් ඇතුළු 48ක් රෝහලේ


(රංජිත් රාජපක්ෂ)                      

හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසේදී අද(02) පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එම බස් රථයේ ගමන්ගත් 48 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.

අනතුරෙන් පාසල් ළමුන් 30 දෙනෙකු සහ වැඩිහිටියන් 18 දෙනෙකු තුවාලලබා රෝහල් ගත කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරු කියා සිටියහ.

තුවාල ලැබු පාසල් ළමුන් අවු 10 – 18 වයස් වල පසුවන ළමුන් බවද පැවසේ.

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය මාර්ගයෙන් අඩි 25 පමණ ඉවතට පැන ඇත. එම මාර්ගය දැඩි ලෙස වලවල් හෑරී තිබීම නිසා බස් රථය වලකට වැටී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.