බස් ගාස්තු තීරණය ඉදිරි දින දෙකේදී


(සුජිත් හේවාජුලිගේ සහ මහින්ද නිශ්ශංක)

ඉන්ධන මිල වැඩිවීම සමග බස් ගාස්තු සංශෝධනය වන අාකාරය ඉදිරි දින දෙකේදී තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බව එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස 1 වැනිදා දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනය සමග එය අද (01) ක්‍රියාත්මක නොකරන බව ජයවර්ධන මහත්මිය කීවාය.