බස් ගාස්තු අද රාත්‍රී සිට ඉහළට


(යොහාන් භාසුර)

බස් ගාස්තු අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිසම උසස් නිලධාරියකු ලංකාදීපයට පැවැසීය.

එම ගාස්තු ඉහළ දැමීමත් සමග අවම බස් ගාස්තුව රුපියල් 32 සිට රුපියල් 40 දක්වා ඉහළ දමන බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.