(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේදී ලංගම බසයකින් ඇඳ වැටි අද (12) කාන්තාවක මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
ගැමුණු පුර, පොලොන්නරුව ,ලිපනයේ පදිංචිව සිටි එමි. පොඩිමැණිකේ නැමති හැත්තෑ දෙක හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය.
පානදුර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබු මගි ප්‍රවාහන ශ්‍රී ලංගම බස් රථයකින් ඇය ඇඳ වැටි ඇති අතර බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කිරන විටත් ඇය මියගොස් සිටි බව පොලිසිය පැවැසිය.
ඇය බලන්ගොඩ මාමල්ගහ ප්‍රදේශයේ තිබු ඥාති අවමඟුල් උත්සවයකට පැමිණි ආපසු පොලොන්නරුව ප්‍රදේශයට යැම සදහා මෙලෙස පානදුර මහියංගනය බස් රථයට ගොඩ විමෙන් පසු මෙම අනතුර සිදුව තිබේ.

