(නිමන්ති රණසිංහ )
අපරාධමය කටයුත්තක් සඳහා යොදා ගන්නා ලද බවට සැකකෙරෙන බස් රථයක් කඩා කොටස් කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු මරදාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .
විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක ආර් . යු ප්‍රේමවර්ධන ඇතුළු නිලධාරී කණ්ඩායමක් මරදාන පොලිස් වසමේ සංඝරාජ මාවත කොළඹ 10 ලිපිනයේ දී සිදු කළ වැටලීමකදී මෙකළ වැටලීමකදී මෙම සැකකටයුතු පුද්ගලයන් සහ අදාළ වෑන් රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 39,46, 53, වයසේ පසුවන කොළඹ 10 හා කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවද බව ද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මෝටර් රථයේ කොටස් මරදාන පොලිස් ස්ථානයට භාර දුන් බවද පොලිසිය පවසයි .