
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දීක නිරෝෂණ)
කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය කළ පෙද්ගලික බස්රථය ක් අද අලුයමම ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මගීන් 14 දෙනකු තුවාල ලබා කහවත්ත මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
බස්රථය අනතුරට ලක්වන විට බස්රථය 54 දෙනකු ගමන්කර ඇති බවත් රියදුරු හා කොන්දොස්තර පොලිස් බාරයට ගෙන විමර්ශන සිදුකරන බව රක්වාන පොලීසිය පවසයි.
රෝහල් ගත කළ පිරිසට අමතරව තවත් පුද්ගලයන් හය දෙනකු කහවත්ත මුලික රෝහලේ බාහිර ප්‍රතිකාර ගෙන පිටවි ගොස් ඇත.

