(ඩි.ජී.සුගතපාල)
බටපොල කළ්‍යාණතිස්ස මාවතේදි අද (15) ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බසයක හැපිමෙන් පාසල් සිසුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ බටපොල කළ්‍යාණතිස්ස විදුහලේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම බලන දහතුන් හැවිරිදි සිසුවෙකි.
ඔහු පියා සමඟ යතුරු පැදියෙන් පාසලට යමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පියාට කිසිදු තුවාලයක් සිදුවි නොමැති අතර සිසුවා බලපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර බටපොල පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යන ලැබේ