බසය ඇළේ:මගීහු රෝහලේ


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ගල්කිරියාගම ප්‍රධානම මාර්ගයේ තෙලදින්නන්වැව ප්‍රදේශයේ පෞද්ගලික මගී බස් රථයක් ඇලකට පෙරලී යාමෙන් එහි ගමන් ගත් මගීන් 18 දෙනකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව ගල්කිරියාගම පොලිසිය කියයි.

ගල්කිරියාගම සිට දඹුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය කාර්මික දෝෂයකට ලක්ව ඇළට පෙරළී ගිය බව එහි රියදුරු සඳහන් කළේය .

බස් රථයේ සිරවී සිටි මගීන් පසුව ප්‍රදේශ්වාසීන්ගේ සහාය ඇතිව ගොඩට ගෙන දඹුල්ල මූලික රෝහලට රැගෙන ගිය බව පොලිසිය කියයි.