බවුසරය පෙරළී භූමිතෙල් පාර දිගේ ගලා යයි


(ඉන්දික අරුණ කුමාර)

මාතලේ - ලග්ගල, විල්ගමුව, එළවනාකන්ද ප්‍රදේශයේ දී අද ඉන්ධන බවුසරයක් පෙරළීමෙන් එහි තිබූ භූමිතෙල් මාර්ග දිගට ගලා ගිය බව  විල්ගමු පොලිසිය කියයි.

දඹුල්ල දෙස සිට විල්ගමුව දෙසට ධාවනය වෙමින් තිබූ ලංකා කනිජ තෙල් නිතිගත සංස්ථාවට අයත් මෙම ඉන්ධන බවුසර් රථය එළවනාකන්දේ බෑවුමේදී මෙසේ පෙරළි ගොස් ඇත.

මීට සති කීපයක පෙරද මෙවැනිම අනතුරකින් එක් අයකු මියගිය බවත් මේ ප්‍රදේශයේ සිදුවූ අනතුරුවලින් මේ වන විට විශාල පිරිසක් මියගොස් ඇති බවයි.

ඉතා අවදානම් කඳු බෑවුම් සහිත මෙම ප්‍රදේශයේ අනතුරු සංඥා පුවරු නිසි ලෙස යොදා මෙම අනතුරු වළක්වා ගැනීමට අදාල බලධාරීන් කටයුතු කළ යුතු බව ප්‍රදේශවාසීහු පවසති.

බව්සර් රථය පෙරලියාමත් සමග එහි තිබූ භූමිතෙල් විශාල ප්‍රමාණයක් කාන්දුවී අපතේ ගොස් ඇති අතර  අවට අසල්වාසීන් ගලා ගිය භූමිතෙල් එක් රැස් කරන ආකාරයක්ද දක්නට ලැබීණි.

මෙම අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු විල්ගමු පොලිසිය මගින් සිදු කරනු ලබයි.