බලපත් නොමැතිව ප්‍රවාහනය කළ දැව සමඟ දෙදෙනකු අත්අඩංගුවට


( ප්‍රියාණි මංගලිකා )

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ ඉරන ලද දැව තොගයක් ලොරි රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක්  නිකවැරටිය ,ඇලවක පොලිස්  මාර්ග බාධකයේදී   අද(03)  උදෑසන අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පැවසීය.

විවිධ ප්‍රමාණ වලින්  යුතු  ඉරන ලද දැව කඳන් 162 ක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින්  කොටවෙහෙර ප්‍රදේශයේ සිට කැලණිය ප්‍රදේශයට මෙම දැව තොගය  ප්‍රවාහනය කරමින් තිබූ බවද , පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද  පොලිසිය සඳහන් කලේය.

සැකකරුවන් දෙදෙනා නුගන්නෝරුව සහ දිගන්නෑව ප්‍රදේශ වල පදිංචි අයවලුන් බවද ,මොවුන් නිකවැරටිය කුරුණෑගල මාර්ගයේ ,මෙම දැව තොගය ප්‍රවාහනය කරමින් සිටියදී ,ඇලවක පොලිස් මාර්ග බාධක පරීක්ෂාවේදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේය .

සැකකරුවන් දෙදෙනා නිකවැරටිය  අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතව තිබූ අතර ,සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.