(රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා ,බලන්ගොඩ වයි.ඒ.එස්.වීරවංශ)
බලන්ගොඩ නගරයේ වෙළෙදසැල් රැසක් සහ රා තෑබෑරුම තාවකාලිකව වසා දැමිමට බලන්ගොඩ නගරාධිපති චාමික වැවේගෙදර මහතා අද 05 වනදා තීරණය කළේය.
කොව්ඩ් 19 වයිරසය පැතිරීම වැළක්විම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව මෙම තීරණය ගත් බව බලන්ගොඩ නගරාධිපතිවරයා පැවසිය.
බලන්ගොඩ නගරයේ අත්‍යාවශ්‍ය නොවෙන වෙළෙද සැල් වසා දැමිමට පියවර ගෙන ඇති අතර අහාර පාන ඖෂධ ආදි ජනතාවට අත්‍යාවශ්‍ය වෙළෙද සැල් ව්වෘතව තැබෙන බවත් වසා දැමිය යුතු වෙළෙද සැල් සම්බන්ධව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් දැනුම් දිම් සිදු කර තිබේ.
කොවිඩ් 19 රෝග අවධානම සීග්‍රයෙන් ඉහල යන බැවින් නගරයට ජනතාව පැමිණීම අවම කිරීම සඳහාත් නගරවාසී ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපදෙස් මත අත්‍යාවශ්‍ය නොවන වෙළදසැල් සති දෙකක කාලයකට වසා දැමීමට නියමිත බව බලන්ගොඩ නගරාධිපති චාමික වැවේගෙදර මහතා පැවසීය. සැම ඉරිදා දිනයකම පැවත්වෙන බලන්ගොඩ සති පොළ සෙනසුරාදා දිනයේ පැවත්විමට තීරණය කරනු ලැබුවේ බලන්ගොඩ අවට ප්‍රදේශ කිපයක සතිපොල සෙනසුරාදා පැවත්වෙන බැවින් එම ජනතාව නගරය වෙත පැමිණිම සීමා කිරිමට බවද නගරාධිපති සඳහන් කළේය. රා තෑබෑරුම වසා දැමුවේ එකම භාජනයකින් බොහෝ දෙනෙකු රා බොන නිසා බව බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසති.

