
(වයි.ඵ්.ඵස් වීරවංශ)
බලංගොඩ සමනළ වත්ත ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු පෙරේදා (08) උදෑසන සිට අතුරුදහන් වී ඇතැයි බලංගොඩ පොලිසිය සදහන් කරයි.
වයස අවුරුදු (38) ක් වන මෙම පුද්ගලයා සමනළවත්ත ප්‍රදේශයේ පදිංචි තුෂාර සමිපත් නැමැති විවාහක අයෙකි.
තම තේ වත්තට යන බව පවසා නිවසින් පිටව ගිය බව සිය බිරිඳ විසින් පොලීසියට පැමිණිලි කර තිබෙ.
දහවල් 11.00 වන වටත් නිවසට නොපැමිණි නිසා බිරිඳ තේ වත්තට ගොස් සොයා බැලීමේදී අතුරුදහන් වු පුද්ගලයා පැලද සිටි සෙරෙප්පු දෙකන් එකක් හා තේ දලු නෙලීමට යොදා ගත් පොහොර උරය සොයා ගෙන තිබේ.
ඊයේ දවස පුරා පොලීසිය මගින් පුලුල් සෝදයි මෙහෙයුමක් ආරම්භ කළ ද අතුරුදහන් වු පුද්ගලයා පිලිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු බව පොලීසිය කියයි.
ඉකුත් (03) දින සිට සමනළ වත්ත ප්‍රදේශයේ පදිංචි (45) හැවිරිදි පුද්ගලයකු ද අතුරුදහන් වී අදට (11) දිනට දින නවයකි.
ඔහුට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව නිවසින් පිටව ගිය බව ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කර තිබිණි.
මීට වසර පහකට පමණ පෙර පාසල් දරුවකු වු (09) හැවිරිදි සහන් කුමාර ධර්මසිරි නැමති අයකු ද අතුරුදහන් වු අතර ඔහු පිළිබඳව ද මෙතෙක් කිසිදු තොරතුරක් නොලැබුණු බව පොලීසිය කියයි.
සමනළ වත්ත ප්‍රදේශයේ නිතර දිවියන් ගැවසෙන බව ප්‍රදේශීවාසිහු ප්‍රකාශ කරති. නිවෙස් වල ඇති කරන සුනඛයින්, බලලුන් එලුවන් ,කුඩා ගව පැටවුන් නිතර අතුරුදහන් වන බව ප්‍රදේශීවාසිහු වැඩි දුරටත් පෙන්වා දෙති.
අතුරුදහන් වු පුද්ගලයින් පිලිබඳව සොයා බැලීම සඳහා විශේෂ සෝදිසියක් අද දවස පුරා පැවැත්වේ.

