බඹරු ඇනීමෙන් සරසවි සිසුන් 9දෙනෙකු රෝහලේ


(රංජිත් රාජපක්ෂ)  
                    
තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳුවැටිය තරණය කිරීමට ගිය විශ්ව විද්‍යාල සිසුන් පිරිසකට බඹරු ඇනීමෙන් 9දෙනෙකු තුවාල ලබා ඇතැයි තලවකැලේ පොලිසිය පැවසීය.
 
අධ්‍යයන කටයුත්තක් සඳහා කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් පරීක්ෂා කිරීමට ඊයේ එහි පැමිණ තිබූ එම සිසුන් කන්ද තරණය කර පහළට  බසිමින් සිටියදී රක්ෂිතයේ ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සී ඇතැයි සිසුවෙක් කියා සිටියේය.
 
එම කඳුවැටිය තරණය කිරීමට නොයන ලෙසත්, කඳුවැටියේ රක්ෂිතය ආශ්‍රිතව බඹරුන් විශාල වශයෙන් කූඩු බැඳ ඇති බවත් ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කීය.
 
තුවාල ලැබූ සිසුන් ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බව තලවකැලේ පොලිසියේ නිලධාරියෙක් කියා සිටියේය.