
( රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද (19) දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු ඇතලු 12 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත්කළ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි එ.එස්.කේ. ජයසුරිය මහතා පැවසීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන වතුයායේ තේ පදුරක් මත බැද තිබූ බඹර කූඩුවක් තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පය ගැටීම නිසා බඹරුන් ඇවිස්සී තේ වත්තේ වැඩ කරමින් සිටි පිරිසට ප්‍රහාර එල්ල කර ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිවරයා කියා සිටියේය.
පවතින අයහපත් කාළගුණයත් සමග බඹරුන් විශාල වශයෙන් තේවතුවල කූඩු බැද ඇති බවත්, අද (19) දින වතුකම්කරුවන් විශාල පිරිසකට බඹර ප්‍රහාර එල්ල වීම නිසා තේවත්තේ දළු නෙළන කටයුතු නතර කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

