(පාලිත ආරියවංශ සහ කරුණාරත්න පල්ලේගම)
ඇල්ල,රාවණාඇල්ලේ ඉහළ කොටසේ පිහිටි බණ්ඩාරවෙල අඹදණ්ඩේගම, බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු නාවික හමුදා කිමිදුම්කරුවන් සහයෙන් අද (26) සොයාගත් පොලීසිය පවසයි.
එම ස්ථානයේ පිහිටි දිය වළක සිරුරු රැදී තිබියදී සොයාගෙන තිබේ.
ඊයේ (25) දවල් තවත් පිරිසක් සමග දිය නෑමට ගිය අවස්ථාවේ මෙම තරුණයන් දෙදෙනා දියඇල්ලට වැටී අතුරුදන් විය.
ඔවුන් දෙදෙනා සමගම දියට වැටුණ එක් තරුණයක් අසීරුවෙන් බේරී හිසේ තුවාල සහිතව බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර තිබේ .
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැප්පිටිපොල දිවුරුම්වෙල පදිංචි එම්.බී. ප්‍රසාද් මංජු (21) සහ හීල්ඔය උඩඅරාව පදිංචි විශ්ව ප්‍රකාශ් විජේසුන්දර (20) අපොස උසස්පෙළ ශිෂ්‍යෙයකි.
(ඡායාරූප - කරුණාරත්න පල්ලේගම)