බඹර ප්‍රහාරයෙන් සිසුන් 40ක් රෝහලට


(බණ්ඩාර තල්පත්වැව)

මහව විජයබා ජාතික පාසලේ  සිසුන් 40 දෙනකු  බඹර  ප‍්‍රහාරයකට ලක්ව  මහව   රෝහලට ඇතුළත් කළ බව පාසල් ආරංචි මාර්ග කියයි.

ගුරු දෙගුරු රැස්වීමක් පැවැත්වෙන   අතරවාරයේ දරුවන් මෙසේ බඹර ප්‍රහාරලක්ව ඇති අතර  6 සිට 13 වසර දක්වා  ඉගෙනුම  ලබන සිසුන්  මෙම බඹර  ප‍්‍රහාරයට ලක්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.

බඹර ප්‍රහාරයත් සමග මවුපියන් පාසලේ සිටි සෙසු දරුවන් පාසල් ඉවත් කිරීමට කටයුතු කළ බව විදුහල් ප්‍රකාශකයෙක් කීය.