(ඉන්දිකා රාමනායක)
බම්බලපිටිය වජිර පාරෙදි මෝටර් රථයක තිරිංග ක්රියාත්මක නොවීම නිසා වාහන 13 ට ගැටී අනතුරක් සිදුව ඇති බව බම්බලපිටිය පොලීසිය කියයි .
මෙලෙස හානියට පත් වාහන 13 අතර මෝටර් රථ නවයක්, තිරෝද රථ දෙකක්, සහ කැබ් රථයක් වන බව පොලිසිය පවසයි.
ඊයේ (31) පස්වරුවේ ගාලු පාරේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ඩුප්ලිකේෂන් පාරට හැරවීමට සූදානම් වූ අවස්ථාවේ එහි රිය තිරිංග ක්රියාත්මක නොවීම නිසා එය මීටර් 150 ඉදිරියට ගොස් එම මාර්ගයේ නවතා තිබූ වාහන 13 ක වී ඇත.
අනතුරෙන් මෝටර් රථය පැදවූ රියදුරු තුවාල ලබා ඇති අතර අද (1) පස්වරුවේ බම්බලපිටිය පොලීසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.