
(ඩී.ජී.සුගතපාල)
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වෛද්‍යවරයා සිරකරුවකුට තහනම් භාණ්ඩ පාර්සලයක් ලබාදිමට කටයුතු කර ඇතැයි බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි.
බන්ධනාගාර නිලධාරින් අද සවස රැඳවියන් පරික්ෂා කිරිමේදි එක් සිරකරුවකු ලඟ තිබි සුරුට්ටු 20ක් සහිත පාර්සලයක් හමුවි ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමේදි එම සිරකරු පවසා ඇත්තේ වෙනත් වාට්ටුවක සිටින සිරකරුවකුට දෙන ලෙස පවසා බන්ධනාගාරයේ වෙද්‍යවරයා සුරුට්ටු පාර්සලය තමාට දුන් බවය.
පසුව බන්ධනාගාර අධිකාරිවරයා වෛද්‍යවරයා කැඳවා ප්‍රශ්න කිරිමේදි තමා එය දුන් බවට වෛද්‍යවරයා පිළිගෙන ඇත.
මෙම වෛද්‍යවරයා නව පත්විම්ලා භියකු වන අතර මෙයට දින පහකට පෙර එනම් ඉකුත් 03වනදින සිට බන්ධනාගාර රෝහලට අනුයුක්ත කර ඇති අයෙකි.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මුලස්ථානය වෙත දැනුම් දිමට නියමිතය

