බන්ධනාගාර රෝහලත් උතුරයි


(සුජිත් හේවාජුලිගේ )

බන්ධනාගාර රෝහලේ තදබදය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

එකසිය අසූවකට පමණක් ප්‍රතිකාර ලබා දිය හැකි රෝහලේ රෝගී රඳවියන්  380ක් සිටින බවද  එම ආරංචි මාර්ග පැවසීය.

මේ හේතුවෙන් එක ඇඳක රෝගීන් දෙදෙනකු බැගින් රැඳවීමට සිදුව ඇතැයි පැවසේ.