බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීමට අවස්ථාවක්


(යොහාන් භාසුර)

වාර්ෂික බන්ධනාගාර දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මස 16 වැනි දින සළන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

එදින රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර හසහ සනීපරක්ෂක ද්‍රව්‍ය එක රැඳවියෙකුට ප්‍රමාණවත් වන  පරිදි  දීමට අවස්ථාව ලැබෙන බවත් සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම  අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරවල ක්‍රියාත්මක වන බවත් දිසානායක මහතා වැඩි දුරටත් කීය.