බන්ධනාගාර බස්රියේ වෑන් රිය වැදීමෙන් දෙදෙනෙක් මරුට


(   සජීවා කෝට්ටේගොඩ )
 
මහව, අඹගස්වැවදී  බන්ධනාගාර බස් රියක් හා කුඩා වෑන්රියක් එකිනෙකට ගැටී සිදු වූ අනතුරින් වෑන් රියෙහි ගමන්ගත් දෙදෙනකු මිය ගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා  රෝහල්ගත කර තිබේ.


අද (24)  පෙරවරුවේ අනුරාධපුර සිට වාරියපොල බන්ධනාගාරයට රැඳවියන් රැගෙන යමින් තිබු බසයක් හා කුරුණෑගල  කොහිලේගෙදර ප්‍රදේශයේ හය දෙනකු ගමන් ගත් වෑන් රියක් මෙලෙස අනතුරට පත්ව  ඇතැයි පොලීසිය පවසයි.


අනතුරින් පසු බන්ධනාගාර බසයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් බසයක් ගෙන්වා රැදවියන් වාරියපොල බන්ධනාගාරය වෙත  යැවූ බවද පොලීසිය සඳහන් කළේය.


 තුවාලකරුවන් මහව රෝහලට ඇතුළු කිරීමෙන් පසු කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇත.