බන්ධනාගාර නිලධාරීන්ගෙන් සැකකරුවෝ දෙකක් පනිති


(හේමපාල ලියනගේ)

උඩුගම අධිකරණයේ පවතින නඩු දෙකකට සම්බන්ධව ගාල්⁣ල බන්ධනාගාරයේ සිට රැගෙන ආ සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී අද 16 සවස පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

නඩු විභාගය අවසන්ව අත්විලංගු යොදා ගාල්⁣ල බන්ධනාගාරය දක්වා රැගෙන යාමට බන්ධනාගාර බස්රථය වෙත රැගෙන එමින් සිටියදී මොවුන් මෙසේ බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී  පලාගොස් ඇත.

මෙම සැකකරුවන් ⁣ගෙන් එක් අයෙක් උඩුගම පොලිස් වසමට අයත් හෝමදොළ ප්‍රදේශයේ අයෙකු වන අතර අනෙක් පුද්ගලයා නාගොඩ  වාඩියකන්ද ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය කියයි.