බන්ධනාගාර නියාමක ඝාතන තැත වරදී


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගාල්ල බන්ධනාගාරයේ රාජකාරිය කරන බන්ධනාගාර නියාමකවරයෙකු ගමන්ගත් බස් රථයකට වැලිගම නගරයේ දී කඩා වැදුණු  පුද්ගලයින් කණ්ඩායමක් අතර සිටි එක් පුද්ගලයෙකු ටී-56 ගිනි අවියකින් බන්ධනාගාර නියාමක වරයාට වෙඩි තබා ඝාතනය කිරීමට කළ  උත්සාහය බස් රියේ සිටි පිරිසගේ විරෝධය මැදිහත්වීම මත නූලෙන් වැළකී ගිය බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

කෙසේ වෙතත් පහර කෑමකට ලක් වූ මෙම බන්ධනාගාර නියාමකවරයා මාතර රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම බන්ධනාගාර නියාමකවරයා රාජකාරි කටයුතු අවසන් කර නිවස බලා යාමට බස් රථයක ගොඩ වී ගමන් කරමින් සිටින අතර වාරයේවැලිගම නගරයේ දී පුද්ගලයින් 6 දෙනෙකු ගෙන් පමණ දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම බස් රථයට ගොඩවී නියාමක වරයාට පහර දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම නානඳුන කණ්ඩායමක් අතරේ සිටි එක් පුද්ගලයෙක්  ටී-56 ගිනි අවියකින් බන්ධනාගාර නියාමකවරයා ට වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන  අවස්ථාවේ මගීන්ගෙන් ඊට දැඩි විරෝධතාවයක් එල්ල වූ නිසාඑම පිරිස බස් රථයෙන් බස්රථයෙන් පැන  පලාගොස් ඇතැයිද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

පහරකෑමට ලක්වූ බන්ධනාගාර නියාමකවරයා  මාතර රෝහලට ඇතුළත් කර ඇත.