(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු 1007 මගි දුම්රිය නාවලපිටිය සහ ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසියි.
මෙම පිලි පැනිම සිදු වි ඇත්තේ අද (02) දින පස්වරු 3.15 ට පමණ බව ද දුම්රිය පාලක මැදිරිය කියයි.
එම දුම්රිය පිලිගත කරන තෙක් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිත සියලු දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් කොළඹ සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරන බවයි දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙක් පැවැසීය.