
(ඩයනා උදයංගනී)
කොළඹ කොටුව සිට බදුල්ල බලා පෙරවරු 9.45 ට ගමන් ඇරඹූ අංක 1007 දරණ සීඝ්‍රගාමී දුම්රිය යත්තල්ගොඩ දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇත.
එම දුම්රිය කොළඹ කොටුව සිට මහනුවර දක්වා පෙරවරු 10.35 ට ගමන් ඇරඹූ දුම්රිය ආධාරයෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානය දක්වා තල්ලු කිරීමට පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් බදුල්ල බලා ගමන්ගන්නා මගීන් දැඩි පීඩාවකට පත්ව සිටිති.


