බදුල්ලේ මැතිවරණ නීති උල්ලංඝනය කළ වාහන 60ක් සොයා ගනී


(එෆ්. අස්ලම්)

මැතිවරණ නීති  කඩකරමින්  අපේක්ෂකයින්ගේ  මනාප අංක, ලාංඡන  සහ  ඡායාරූප ඇළවූ වාහන 60 කට ආසන්න ප්‍රමාණයක්  නවතා  ස්ටිකර් ඉවත් කිරීමට බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන ඒකකය කටයුතු කර තිබේ.

මැතිවරණ පැමිණිලි ඒකකය විසින් පසුගිය 25 සහ 26 දෙදින පැය 48ක කාලය තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමේදී අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු සිදුකළ වාහන 60ක ප්‍රමාණයක් බදුල්ල හා හාලිඇළ මැතිවරණ කොට්ඨාස ආශ්‍රිතව කොටුකර ගැනිනි.
 
මෙම වාහන 60 අතරින් වැඩිම වාහන සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු විසින් (26) වනදා  හපුතලේ දී සංවිධනය කර තිබූ රැළිය  කරා ගිය වාහන බවත් සෙසු වාහන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ,සමගි ජන බලවේගයේ ආධාරකරුවන්ගේ වාහන බවත් මැතිවරණ පැමිණිලි ඒකකය සදහන් කරයි.
 
බදුල්ල දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරීනි දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් මත සහකාර තේරීම්භාර නිලධරීන්ගේ මෙහෙයවීම යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක විණි.