
(ප්‍රසාද් රුක්මල්)
වර්ෂාවත් සමග පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී අවහිර වු බදුල්ල - මහියංගන , වැලිමඩ - ඇටම්පිටිය , බදුල්ල - පස්සර , ලුනුගල - පස්සර, මැටිගහතැන්න - මඩොල්සිම සහ හපුතලේ -= වයි හංදිය බණ්ඩාරවෙල යන ප්‍රධාන මාර්ග තව දුරටත් නායයාමට ලක්ව ඇති හෙයින් එම මාර්ග අද (27) දහවල් සිට තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු (බදුල්ල ) එස්.එස්.හෙන්නායක මහතා පවසයි .
එම මාර්ග සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට රියැදුරන්ට දැනුම් දෙයි .
හපුතලේ වයි හංදිය බණ්ඩාරවෙල මාර්ගය වෙනුවට හපුතලේ දියතලාව හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කරන ලෙසට දැනුම් දී සිටි.
දැනට නොකඩවා බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ශාවත් සමග අද (27) අලුයම මෙම මාර්ගවලට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ගවල රථවාහන ධාවනයට බාධා සිදුව තිබු අතර, මාර්ග සංවර්ධන අධිකාරිය යුද හමුදා නිළධාරින්, පොලිසිය එක්වී එම මාර්ගවලට කඩා වැටී තිබු පස්කදු ගල්පර්වත ගස්කොළන් ඉවත් කර මාර්ග යථා තත්වයට පත්කලද නොබෝ වේලාවකින් යළි එම මාර්ග වලට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග අවහිර විය.
වර්ෂාවත් සමග තව දුරටත් මෙම මාර්ග නායයාමට ලක්වෙමින් පවතින හෙයින් මෙසේ එම මාර්ග තාවකාලිකව වසා දැමීමට කටයුතු සිදු කළ බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු එස් .එස්. හෙන්නායක මහතා වැඩිදුරටත් සදහන් කලේය .



