බදුල්ලේ පවුල් 77 ක් කඳවුරු තුනක රඳවති


(සමන් පාලිත නානායක්කාර) 

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ  පවුල් 200 ක පුද්ගලයින්  800 ක් පමණ අද (1) වන විට  බලපෑමට ලක්වී ඇති බවත් එයින් නාය අවදානමෙන් පවුල් 77 ක් පදිංචි ස්ථානවලින් ඉවත්කර කඳවුරු තුනක රඳවා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල්  උදයකුමාර මහතා පැවසීය.

මහකන්ද සුරක්ෂිත මධ්‍යස්ථානය පවුල් 28 ක් ලුණුගල  ගල්විල්ල  දෙමළ විදුහලේ පවුල් 32 හාලිඇල මොරගොල්ල විදුහලේ පවුල් 17 ක් ද  වශයෙන් තාවකාලික කඳවුරු තුනක රඳවා තිබේ.

අධික වැසි සමඟ නායයාමේ අවදානම පස් කණ්ඩි කඩා වැටීම  පොළොව ගිලා බැසීම් යන හේතු මගින් ඇති වූ බලපෑමෙන් මෙසේ කඳවුරු පිහිටුවා තිබෙන බවද සහකාර අධ්‍යක්ෂවරයා  වැඩිදුරටත්  සඳහන් කළේය.