බදුල්ලේ කෘෂි නිලධාරිනියක් කුඹුරු ගොඩකිරීමේ ජාවාරමක


(යොහාන් භාසුර)

ගොවිජන සේවා දෙපාර්තුමේන්තුවේ බදුල්ල දිස්ත්‍රිකයේ  උසස් නිලධාරිනියක් නීති විරෝධීව බදුල්ල පළාත් මහ රෝහල පිටුපස දයා ගුණසේකර මාවතේ කුඹුරක කොටසක් ගොඩකර තිබෙන බවට ප්‍රදේශවාසීහූ චෝදනා කරති.  

මෙම කුඹුරු කොටස සරුසාර අස්වැන්නක් ලැබුණු බවත් එහි හිමිකරු වෙනත් ඉඩමක  නිවාසයක් තනාගෙන පදිංචි වී සිටින බව ප්‍රදේශවාසීහූ කියති.

මෙම ඉඩම් අත්පත් කරගැනීමට සම්බන්ධ එම නිලධාරිනිය ගොවිජන සේවා දෙපාර්තුමේන්තුවේ ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොදක්වන ගොවිජන  සංවර්ධන නිලධාරිනියක් පෙරමුණට යොදා වෙනත් පාර්ශවයක නමින් මෙම බිම් කොටස අත්පත් කරගෙන තිබෙන බවත් තුන්වන පාර්ශවයේ ගැණුම්කරුවෙකු වශයෙන් මෙම  ඉඩම මිලදී ගැනීමට සුදානමින් සිටින බවත් ප්‍රදේශවාසීහූ කියති.