(පාලිත ආරියවංශ,ප්‍රසාද් රුක්මල් සහ ප්‍රසන්න පද්මසිරි)
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් සඳහා නාමයෝජනා පත් 163 ක් ඉදිරිපත්වූ අතර ඉන් 11 ක් ප්‍රතික්ෂේප වූ බව බදුල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි දමයන්ති පරණගම මහත්මිය පැවැසුවාය.
පිළිගත් දේශපාලන පක්ෂ 8 ක සහ ස්වාධීන කණ්ඩායම් 3 ක නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප වූ බවද පරණගම මහත්මිය සඳහන්කළාය.
ප්‍රතික්ශේපවූ නාම යොජනා මෙසේය.
හාලිඇල ප්‍රාදේශීය සභාව ( ලංකා කම්කරු කොන්ග්‍රසය) ඌවපරණගම ප්‍රාදේශීය සභාව (එක්සත් මහජන පක්ෂය)
ඇල්ල ප්‍රාදේශීය සභාව (ස්වාධින කණ්ඩායම )
හපුතලේ ප්‍රාදේශීය සභාව (ලංකා කම්කරු කොන්ග්‍රසය සහ ස්වාධීන කණ්ඩායම )
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව ( එක්සත් ජාතික පක්ෂය ,ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම )
මහියංගනය ප්‍රාදේශීය සභාව ( එක්සත් ජාතික පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයට මහා නගර සභා 2 ක් නගර සභා 1 ක් සහ ප්‍රාදේශීය සභා 15 ක් ඇතුලත්ය.
නාමයෝජනා බාරදුන්නේ කණ්ඩායම් 163 ක් වන නමුත් කණ්ඩායම් 184 ක් ඇප තැන්පත්කර තිබිණ.
මෙම මාධ්‍ය හමුවට බදුල්ල සහකාර තේරීම්භාර නිලධාරින් වන කේ .කාන්දීපන් හා සුනිල් අබේකෝන් යන මහත්වරුද සහබාගිවූහ.

